සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති අතර, එහි වාර්තාව ලැබීමෙන් පසු, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලු පියවර ගන්නා බව සඳහන් වේ.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

එවැනි සිදුවීමක් හෙළි වුවහොත්, ඊට වගකිව යුතු සියලු පාර්ශවයන්ට නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යංශය අවධාරණය කරයි.

එසේම, මෙම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් ද අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව ලේකම්වරයා පවසයි.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

වත්මන් පොලිස් පරීක්ෂණ සහ අභ්‍යන්තර විමර්ශන හරහා මෙම සිදුවීමේ තොරතුරු හෙළිදරව් වන තුරු, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි කරන තොරතුරු සංසරණය කිරීමෙන් වළකින ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටී.

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)