ගුරු විවේකාගාරයේදී පාසල් සිසුවියකට සිදුකළ මහ අපරාදයක් මාට්ටු වෙයි...

Ministry of Education Sri Lanka
By Aruna Jun 03, 2022 01:22 AM GMT
Aruna

Aruna

Report

තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සම්බන්ධයෙන් 24 හැවිරිදි යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකාර සෙබළා මීට සති කිහිපකට පෙර 15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.

එම පැමිණිල්ල සම්බන්ධයනේ මූලික විමර්ශන මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා අත් ඇඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් වේලාවෙන් පසුව බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha