ඔන්ලයින් පන්තියෙන් අතින් අතට ගිය 13 හැවිරිදි දැරියට වුණ දේ..

Police School girl Online class Paanadura
By Aruna Jul 26, 2021 09:29 AM GMT
Report

ඔන්ලයින් පන්තියෙන් අතින් අතට ගිය බාලවයස්කාර දැරියක් පිළිබඳ මොරටුමුල්ල පොලිසියට පසුගිය 24 වැනිදා වාර්තා වූ බව මොරටුමුල්ල පොලිසිය පවසයි.

පොලිසියට වාර්තා වන අන්දමට 8 වසර ඉගෙනුම ලබන 13 හැවිරිදි දැරියක් සම වයසේ තවත් සිසුවෙකු සමග ඔන්ලයින් පන්තියේදී සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත.

පසුව එම සිසුවා එම සම්බන්ධතාවය නතර කර ඇයගේ එකඟතාවය මත ඇයගේ දුරකථන අංකය 16 හැවිරිදි මිතුරෙකු වෙත ලබා දී ඇතැයි පොලිසිය පවසයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි එම මිතුරා මොරටුව ලුනාව ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත එම දැරිය රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

පසුව එම දැරිය එම සම්බන්ධතාවයද නවත්වා ජාඇල ප්‍රදේශයේ 22 හැවිරිදි අයෙකු සමග දුරකථනය ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

දීර්ඝ කාලයක් පැවති එම සම්බන්ධතාවය මත කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාති සහෝදරියකගේ නිවසකට එම දැරියව රැගෙන ගොස් සති දෙකක කාලයක් එහි රැඳී සිට ඇත.

එම කාල වකවානුවේදී එම දැරියගේ දෙමව්පියන් විසින් මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව මොරටුමුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

බාලවයස්කාර දැරියක් තරුණයෙකු සමග නිවසක සිටින බවට කෑගල්ල ප්‍රදේශවාසීන් විසින් 119 අමතා පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව කෑගල්ල පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුමුල්ල පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now