15 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු නිවෙසක තබාගෙන සිටි තරුණයින් 03ක් මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka Education
By Aruna Apr 11, 2023 05:29 AM GMT
Aruna

Aruna

Report

බළන්ගොඩ නගරයේ ප්‍රධාන දමිළ විදුහලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකු රැගෙන ගොස් සතියක් පමණ කුරුවිට ප්‍රදේශයේ නිවෙසක තබාගෙන සිටි තරුණයන් තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ දිසා විනිසුරු රාජපක්‍ෂ මහතා නියෝග කර තිබෙනවා.

පරීක්‍ෂණ මෙහෙයවන කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි (පො.ප.) පාලිකා රාජපක්‍ෂ මහත්මිය සඳහන් කළේ, පාසල් නිවාඩු දුන් දිනයේ අවුරුදු 15 පමණ වයසේ පසුවූ සිසුවියන් මෙසේ ගෙන ගොස් ඇති අතර එම දරුවන් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා බළන්ගොඩ මූලික රෝහලට 09දා ඇතුළත් කළ බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha