මාරාන්තික උපවාසයේ සිටි අවසන් නිලධාරියාත් අසාධ්‍ය වී රෝහලට
පාසල් සංවර්ධන නිලධාරීන් විසින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇත.
මෙම උපවාසය අද ක්‍රියාත්මක වුයේ 7වැනි දිනට වන අතර මාරාන්තික උපවාසේ යෙදී සිටි හයදෙනකු රෝහල්ගත කර ඇත.
සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබානොදුන් බැවින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හෙට දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසා ඇත
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේය.