පාසල් දරුවන්ට අද සිට කාණ්ඩ 03ක් යටතේ කරන්න යන දෙය මෙන්න..
පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදු කිරිම අද ආරම්භ වනවා. ඒ අනුව පළමුව එන්නත්කරණය සිදු කරනු ලබන්නේ අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන්. දරුවන් සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන වයස් කාණ්ඩ 03ක් යටතේ සිදුකිරීමට නියමිතයි.
එහි පළමු අදියර ලෙස අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදෙන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වල දී අද මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වනු ඇති.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.
මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 1,368 දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5010,040 දක්වා ඉහළ ගියා.
පසුගිය 22 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.
මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,448ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |