මෙරට පාසල් දරුවන් ගැන ඇහෙන හද සංවේදී කරවන පුවතක්..
Anuradhapura
Sri Lanka Food Crisis
School Incident
Latest Headlines
By krishani
a year ago

krishani
Report
Report this article
පාසල් යන දරුවන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීම ද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බව එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.
එම සංගමය පෙන්වා දෙන්නේ ඉන් අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ දරුවන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ය.
ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ වනවිට ආර්ථික ගැටලු හමුවේ පවුල්වල ආදායම් මාර්ගත් බිඳ වැටීම වේ.
මේ ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය වන්නේ ගොවිතැන් කටයුතු ය.
නමුත් එය ද අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

දින 3 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 35 කට පෙර
මිනිත්තු 59 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර