පාසල් සිසුවා අවසන් ගමන් යැවූ පස් කන්ද..
මැදමහනුවර, වතුලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අද (20) අලුයම මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතරට සිරවී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි වතුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන්ය. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්රදේශවලද සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.