යුද සමයේදී ස්ථාපනය කල යාපනේ හමුදා කඳවුරක් ඉවත් කරයි..

Sri Lanka Army Jaffna Sri Lanka
By Piyumika Nov 20, 2024 09:26 AM GMT
Piyumika

Piyumika

Report

යුද්ධය පැවති සමයේ යාපනය කට්කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

අදාළ හමුදා කඳවුරු පිහිටි භූමිය සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් භුමියක් වන අතර කඳවුර ඉවත් කිරීමෙන් පසු එම භුමිය යළි එහි හිමිකරුවන් වෙත භාර දෙන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ

බිරින්දෑවරු දෙදෙනෙක් ...එක වහලක් යට බලෙන් රඳවන් සිටි සැමියෙක්..පලා යාමේ උත්සාහයෙදී තට්ටු තුනකින් පහලට..

බිරින්දෑවරු දෙදෙනෙක් ...එක වහලක් යට බලෙන් රඳවන් සිටි සැමියෙක්..පලා යාමේ උත්සාහයෙදී තට්ටු තුනකින් පහලට..

එම ප්‍රදේශයේ සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් අක්කර 7කට වැඩි භූමි ප්‍රමාණයක මෙම හමුදා කඳවුර ඉදි කර ඇති අතර මෙම භූමිය නැවත එහි හිමිකරුවන් වෙත භාරදීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම හමුදා කඳවුර ඉවත් කළ යුතු කඳවුරක් බවට හදුනාගෙන තිබූ අතර ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මෙම හමුදා කඳවුර ඉවත් කිරීමට තීරණය කළ බවයි.

අලුයම වැස්සත් එකක්කම ගෙට ගොඩ වූ පාසල් සිසුවාගේ මාරයා..

අලුයම වැස්සත් එකක්කම ගෙට ගොඩ වූ පාසල් සිසුවාගේ මාරයා..

කෙසේ වෙතත් හමුදා කඳවුර පිහිටි ඉඩම හිමි සිවිල් පුරවැසියන් තිදෙනාගෙන් එම ඉඩම නැවත ලබා දෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ හිමිකාරීත්වය ඇති සිවිල් පුරවැසියන් ඉල්ලීම් කළද ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතීනම් එම කඳවුර ඉවත් කිරීමට තීරණය නොගන්න බවයි.

එසේම ඒ සඳහා කිසිදු අධිකරණ නියෝගයක් හෝ වෙනත් බලපෑමක් නොමැති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සැමියාගේ සැකය දෙදරු මවකට කරපු අහස පොළොව නුහුලන අපරාධය..

සැමියාගේ සැකය දෙදරු මවකට කරපු අහස පොළොව නුහුලන අපරාධය..

ඒ අනුව මේ වන විට එම කඳවුරේ සිටි සියලුම සෙබළුන්ට ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අතර මේ වන විට එහි රැඳී සිටින්නේ අදාළ ඉවත් කිරීම්වලට අදාළ හමුදා සෙබළුන් පමණක් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් හමුදා කඳවුර පිහිටි භුමිය එහි හිමිකරුවන් වෙත නැවත භාර දෙන දිනය පිළිබඳව නිශචිතව කිව නොහැකි බවද යුද හුමදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ReeCha