10 පාර්ලිමේන්තුවේ පළමු සැසියට පෙර මන්ත්‍රීවරුන් ලියාපදිංචිය සහ හෙට සුබ මොහොතින් සිදු වන දේ මෙන්න.

Report

දසවන පාර්ලිමේන්තුවට අලු‍තෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා අද (20) පස්වරු 4ට පෙර ලියාපදිංචි කළ අවසන් කිරීමට නියමිතයි.

නවක මන්ත්‍රීවරුන් එම ලියාපදිංචිය ඊයේ දිනයේදී ආරම්භ කර මේ වන විටත් බොහෝ මන්ත්‍රීවරුන් සිය ලියාපදිංචිය අවසන් කර ඇති අතර 10 පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, අනුව හෙට දිනයේ සියලු‍ මන්ත්‍රීවරුන්ට හෙට පෙරවරු 9.30 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සෙන්කෝලය සභාගර්භයේ නියමිත ස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් පාර්ලිමේන්තුව රැස්වන දිනය සහ වේලාව සදහන් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සභාවට ඉදිරිපත් කරනු ලබනවා.

අසුන් පැනවීමේ නියමිත පිළිවෙළක් නොමැති හෙයින් හෙට දිනය සදහා පමණක් මන්ත්‍රීවරුන්ට සිය අබිමතය පරිදි ඕනෑම අසුනක අසුන් ගත හැකියි.

ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝග 4,5 සහ 6 වගන්ති වලට අනුව ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයෙකු පත් කර ගැනීමයි.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

 

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

එය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ එකගත්වයෙන් හෝ ජන්ද විමසීමකින් පසු සිදු කිරීම සාම්ප්‍රදායි.එමෙන්ම සභානායක ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අථුලිඋ තනතුරු සදහාද පත් කිරීම හෙට සිදුවනවා.

ඉන් පසුව නව කතානායකවරයා පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාවරය පවත්වාගෙන යාමේ පුර්ණ බලය ඔහුට හිමිවනවා.

ප්‍රධාන තනතුරුවලට පත් කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙරවරු 11.30ට පමණ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකශය සභාව ඉදිරිපත් කිරීම සිදුවනු ඇති. 

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.