පාසල් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනයට අලුතින්ම කරන්න යන දේ..?
පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සහයකයන් ලෙස කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදා ගනිමින් එම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
එමෙන්ම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික රථ ලියාපදිංචි කිරීමේ වැඩපිලිවලක්ද ආරම්භ කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා. මේ අතර, බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලෙස රුපියල් 150,000ක් දක්වා වන වටිනාකමකින් යුත් වවුචර පත් ලබාදීමේ වැඩපිලිවෙල ඊයේ මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.
මෙම සහන පැකේජය ලබා දෙන්නේ දීර්ඝ කාලයක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බස් හිමියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්. ඒ අනුව, බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්, ටයර් ආදිය ලබා ගැනීම සඳහාත් බස් රථ අලුත්වැඩියා කිරීම සඳහාත් මෙම වවුචර පත් ලබා දෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |