පාසල් සහ උපකාරක පන්ති වසා දැමීම සම්බන්ධව පලවන පුවත ගැන ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්...
අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනයේදී පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනු ලබයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ හැගෙන ව්‍යාජ අත්සනක් සහිතව අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ මෙම පුවත ප්‍රචාරය වන බවයි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර නිවේදනය කර තිබෙන්නේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වල අය නම් කල්පනාකාරී වන්න.(VIDEO)
ආදරවන්තයින්ගේ දිනයේදී සිදු වන ළමා අපචාර සහ අපයෝජන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බැවින් විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙලෙස දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම ව්‍යාජ ලිපියේ දැක්වුණි.
කෙසේ වෙතත්, එම ලිපිය හෝ පුවත බෙදා හැරීමෙන් වළකින ලෙසයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ.
You May Like This Video