ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව අද සිට ඇරඹෙන දේ මෙන්න..ප්‍රතිඵල ගැනත් සුබ ආරංචියක්..

Sri Lanka Education Scholarship exam
By Aruna Jan 31, 2022 04:30 AM GMT
Aruna

Aruna

Report
105 Shares

2021 - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භවනවා.

ඒ අනුව ඇගයීම් කටයුතු පෙබරවාරි පස් වැනි දා තෙක් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයක දී කල් දැමුණේ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන අතර, එය, පසුගිය ජනවාරි 22 වනදා සැළසුම් කළ පරිදි පැවැත්වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2943ක දී පෙනී සිටි බව යි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේ.

මේ අතර 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ළඟදීම නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාසයකුත් දින 10ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha