ආන්දෝලනයට තුඩු දුන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද සිට..ප්‍රතිඵල දෙන දිනය පිළිබද ඉගියක්..
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) සිය ආරම්භ වනවා. ඒ, අනුව එම ඇගයීම් කටයුතු ලබන 12 වනදා දක්වා සිදු කරණ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.
පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ආන්දෝලනයක් ඇති වුණා.
මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග ගිය අතර, එම නඩුවේ තීන්දු පසුගිය 31 වනදා ප්‍රකාශයට පත් කළා.
ඒ,අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 03 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ තුන අතුරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ, අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුනට සියලුම අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබාදීමටයි විහග දෙපාර්තමේන්තුව පසුගිය 01 වනදා තීරණය කළේ.
මෙම තීරණයත් සමඟ ,එතෙක් කලක් නවතා දමා තිබූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (08) දිනයේ සිට ආරම්භ වනවා.
You may like this video