ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින් ට ගෙන ආ විශේෂ වැඩපිළිවෙල මෙන්න...
කොවිඩ් ආසාදිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විභාග කොමසාරිස් (පාලන සහ විමර්ශන) අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, "කොවිඩ් ආසාදනයට ලක්වු අපේක්ෂකයින් මේ වනවිටත් ආසාදිතව සිටිනවානම් හෝ විභාග දිනයේ හෝ පෙර යම්කිසි ආසාදන තත්ත්වයක් වාර්තා වුණොත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව ඒ අපේක්ෂකයා සඳහා අපි අධ්‍යාපන කලාප මට්ටමින් මධ්‍යස්ථානය බැගින් පිහිටුවලා තියෙනවා.
ලංකාව පුරාම මධ්‍යස්ථාන 108ක් තියෙනවා.
මේ මධ්‍යස්ථානවලට මේ දරුවන් රැගෙන යන්නට ඕනේ දෙමාපියන් විසින්. විදුහල්පතිතුමා සම්බන්ධ කරගෙන යා යුතු මධ්‍යස්ථානය මොකද්ද කියලා දැනගන්න.
ලංකාවේ කොහේ වාඩි උනත් අපි ඒක නිරවුල් කරගන්න ක්‍රමවේද සකස් කරලා තියෙන්නේ.
නිරෝධායනය වෙන අයට හා රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
ඒ අය සඳහා අපි තමන්ගේ විභාග මධ්‍යස්ථානයේ ම විශේෂ කාමරයක් සුදානම් කරලා තියෙනවා."
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන ජනවාරි මස 22 වන ඉරිදා පැවැත්වීමට නියමිතය.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        