ශිෂ්‍යත්ව විභාය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්..මේ දේ කරන අයට දැඩි නීති.

Sri Lanka Education Exam department Scholarship exam Dinesh gunawardhane
By Aruna Jan 19, 2022 04:15 AM GMT
Aruna

Aruna

Report

උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට දේශන සිදු කරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා කියා සිටියේ, උපකාර පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ඉගැන්වීම් හා සම්මන්ත්‍රණ පැවැත්වීමට ඇතැම් ගුරුවරුන් සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලු ආකාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් වලට සිසුන් තෝරා ගැනීම සඳහා වන කඩයිම් ලකුණු වෙනස් කිරීමේ සූදානමක් නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටීමට නියමිත විභාග අපෙක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 40,508 ක්.

මේ අතර 2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වනදා සිට මාර්තු 5 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2, 438 කදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පෙනී සිටීමට නියමිත විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 45,242ක්.

මෙවර උසස් පෙළ විභාගයේදී කොරෝනා අසාදිත විභාග අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම එක් රෝහලක් විභාග මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now