ලබන සඳුදා දිවයින පුරා වෙන්න යන දේ - නිවේදනයක්
රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳුදා (9) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
ඒ මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයන් සිදු කර ඇති බවට සඳහන් කරමින් බව වාර්තා වේ.
ස්වාධීන හා පීඩනයෙන් තොර පරීක්ෂණයක් සහතික කිරීමට අවශ්‍ය පියවරක් වන පරීක්ෂාවට ලක්ව සිටින නිලධාරියා රෝහලෙන් ඉවත් කිරීමට නියෝජ්‍ය අධ්යක්ෂවරයා අපොහොසත් වූ බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත.
අඳාළ ගැටලුව 2026 ජනවාරි 21 සහ ජනවාරි 27 යන දිනවල නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙන අතර ඕනෑම තාවකාලික ඉවත් කිරීමක් පැය 48 ක් ඇතුළත අතුරු වාර්තාවක් ලැබීමෙන් පසු සිදු කිරීමට එකඟ වී ඇත.
කෙසේ වෙතත් ජනවාරි 29 වන දින ලැබුණු අතුරු වාර්තාවට ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ඇතුළත් බව වෘත්තීය සමිතිය තහවුරු කළ ද සෞඛ්‍යය අමාත්‍යාංශය මෙම උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කර ඇත.
එමෙන්ම එම බලධාරීන් මීට පෙර 2024 දක්වා පැමිණිලි නොසලකා හැර ඇති බවට වෘත්තීය සමිති නිලධාරීන් කනස්සල්ල පළ කරයි. එසේම "අදෘශ්‍යමාන දෑත්" සම්බන්ධ නිලධාරියා ආරක්ෂා කරන බවට ද ඔවුන් චෝදනා කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සංගමය, නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වහාම මැදිහත් වී සෞඛ්‍යය අමාත්‍යාංශය නියෝග ක්‍රියාත්මක කරන බවට සහතික වෙන ලෙසයි.