බිහිසුණු අනතුරක් - පාලමක් කඩා වැටී පුද්ගලයන් ජීවිතක්ෂයට

Report

නැගෙනහිර චීනයේ ඉදිකරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යැන්චෙන් හි ඉදිවෙමින් පැවැති දුම්රිය පාලමක් මෙලෙස හදිසියේ කඩා වැටී ඇති අතර, එලෙස කඩා වැටුණු කොටස මීටර් 95කට ආසන්න බව වාර්තා වේ.

පාළම කඩා වැටෙන විට කම්කරුවන් ද එම ස්ථානයේ රැඳී සිට ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදහන් වූ පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇත.

අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මිය ගොස් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර බලධාරීන් පවසා තිබුණේ, අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 දෙනෙකු බවයි.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

චීන රාජ්‍ය මාධ්‍ය පවසන ආකාරයට ලියාන්යුන්ගං-ෂැංහයි දුම්රිය මාර්ගයේ කොටසක් වන යූගාං පාලම ඉදිකිරීමේදී බැඳ ඇති ආරුක්කු කදම්භයක් කඩා වැටීම මෙම සිද්ධියට සම්බන්ධ වේ.

කඩා වැටීමෙන් පසු වහාම හදිසි සේවා යවා ඇති බවත්, යැන්චෙන් හි නාගරික සහ ප්‍රාන්ත රජයන් ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ස්ථානීය ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් සම්බන්ධීකරණය කළ බවත් පළාත් පාලන ආයතන උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

පාසල් සිසුන්ට නොමිලේ බෙදීම ආරම්භයි - දෙමව්පියන්ගෙන් සල්ලි එපා

පාසල් සිසුන්ට නොමිලේ බෙදීම ආරම්භයි - දෙමව්පියන්ගෙන් සල්ලි එපා