සතොසේ සියලුම සේවකයින් විශ්‍රාම යවයි.
Sri Lanka
Government Of Sri Lanka
Lanka Sathosa
By Wayomi
සතොස ආයතනයේ 300ක් පමණ වන සියළු සේවකයන් මේ මස 30 වන දින සිට අනිවාර්ය විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන්.
ඒ අනුව සියලුම සේවකයන්ට මෙම මස 30 වෙනිදා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් ගෙවන බවට සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මේ අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව එම සේවකයන් එහි ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා කාර්යාල අඩස්සියට පත් කර විරෝධතාවය පැවැත් වූ බවද වාර්තා වෙනවා.
