අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල අඩු කරයි - අද සිට ක්‍රියාත්මකයි.

Sri Lanka Lanka Sathosa
By krishani Mar 24, 2023 05:28 AM GMT
krishani

krishani

Report

අද (24) සිට ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල පහත දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර ඇත.

එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කර ඇත.

ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් ද,සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින් ද අඩුකර ඇත.

එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් ද දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join