පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුටි කෙළියක් - මෙන්න විස්තරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතලයි. ප්‍රදේශයේ පදිංචිකරුවන් සමඟ ඇති වූ ආරවුලකදී ඔවුන්ට පහරදීමක් සිදුවී ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇති බවත්, එක් අයෙකුගේ ශරීරයේ බරපතල කැපුම් තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි. ඔවුන් උඩපේරාදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නෑමට ගොස් ඇති අතර, ඔවුන්ට පහර දුන් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි විය.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මහනුවර මධ්‍යම වෙළඳපොළේ වෙළෙන්දන් බවත්, සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පේරාදෙණිය පොලිසිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.