මල් කැකුලකට අහස පොළොව නුහුලන අපරාධයක් කරපු අපරාධකරු අත්අඩංගුවට

Report

අද (16) නාවලපිටිය පොලිසිය මගින් වයස අවුරුදු 7ක් වන පාසල් දැරියක් දුෂණය කළේ යැයි චෝදනාවට 35 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත සැකකරු නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පදිංචි බවත්, (15) ඊයේ දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ ඈතට රැගෙන ගොස් දුෂණය කර එම ස්ථානයේම දමා ගොස් ඇති බවත් තොරතුරු හෙළි වී ඇත.

සුළු මොහොතකට පෙර අමෙරිකාවේ ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානම නැහැ

සුළු මොහොතකට පෙර අමෙරිකාවේ ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානම නැහැ

නිවසේ සිටි පාසල් දැරිය නොමැති වීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමේ දී වතු නිවසට ඉහළින් දැරියක් කෙදිරිගසන ශබ්දය ඇසී ඇති අතර එහිදී සිදු කළ සොයා බැලීමේදි අතුරුදන්ව සිටි දැරිය ඥාතීන් විසින් පැය 4කට පමණ පසු සොයා ගෙන ඇත

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිමෙන් පසු ඥාතීන් විසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රියදුරන්ට විශේෂ නිවේදනයක්

රියදුරන්ට විශේෂ නිවේදනයක්

පසුව අදාළ පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇති අතර ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ශන කටයුතු සිදු කරයි. අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.