අද දිවයින පුරා වියළි කාලගුණයක්

Report

ලංකාවේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ වාර්තාවේ මේ බව සඳහන් වේ.

විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

එබැවින් එම ප්‍රදේශවල ගමන් බිමන් යන අය විශේෂයෙන් අවධානයෙන් යුතුව සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දී තිබේ.

දිවයිනේ බොහෝ තැන්වල අද දවස පුරාම වියළි හා හොඳ කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ.

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න