ඊශ්‍රායල හෙලිකොප්ටරයක් අනතුරට

Report

ඊශ්‍රායල දකුණු දිග බටහිර ඉවුරේ බෙත්ලෙහෙමට නැගෙනහිරින් පිහිටි කිසාන් නගරය අසලදී ඊශ්‍රායල හමුදා හෙලිකොප්ටරයක් අද අනතුරට පත් වී ඇත.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මේ සතිය මුලදී එට්සියොන් බ්‍රිගේඩ් ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ මෙම හෙලිකොප්ටරය වෙනත් යානයක් මගින් ඇදගෙන යන අතරතුර කැබලිවලට කැඩී බිමට වැටී ඇති බවයි.

මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති අතර මෙම අනතුර පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙස ගුවන් හමුදාපතිවරයා නියෝග කර ඇත.