සතොසෙන් තවත් වාසියක් - සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහළට..!
By Sewvandhi
සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.
ඒ අනුව, රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල පිළිවෙලින් රුපියල් 164ක් සහ 179ක් ලෙස සටහන් වෙනවා.
එමෙන්ම, දේශිය සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් ද රුපියල් 4කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 180ක්. වටානා කිලෝග්‍රෑම් එකක මිල ද රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 305ක් ලෙස සටහන් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
