රෝහිත රාජපක්ෂ ගැන සර්වපාක්ෂික අරගල කරුවන් ගෙන් පැමිණිල්ලක්
රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවාඩු නිකේතනයේ සත්‍ය අසත්‍යතාවය සොයා බලන ලෙස සර්ව-පාර්ෂවික අරගලකරුවෝ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන කොළොන්න ප්‍රදේශයේ හෝටලයකට ගිනි තබා දේපළ සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය සතියේ ප්‍රකාශ කළා.
වාර්තාව ගැන සඳහන් කරමින් සර්ව-පාර්ෂවිකා අරගලකරුවෝ ප්‍රශ්න කර තිබුණේ නිසි ආදායම් මාර්ගයක් නොමැතිව රෝහිත රාජපක්ෂට හෝටලයක් හිමිවන්නේ කෙසේදැයි කියාය. අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපළක් ඇති බවත්, සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු හෝටලය ඉදිකර ඇති බවත් රෝහිත රාජපක්ෂ මහතා තහවුරු කර තිබේ..
යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ කියා සිටියා.
එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව තම පාර්ශවය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවද ඔහු සඳහන් කළේය.