ජනතා සංවාදයට ආ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළ...

Report

අද(06) "සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය.

මෙම "සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත හැකි පරිදි "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" ගොඩනඟන ආකාරය ජනතාව ඉදිරියේ තබයි.

එසේම මෙම කෙටුම්පත මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය,සමාජ සුබසාධනය, තාරුණ්‍යය, සංස්කෘතිය සහ කලාව, පරිසරය, වැවිලි, කෘෂිකර්මාන්තය සහ පශු සම්පත්, කර්මාන්ත,රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය, නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය, විදේශ සබඳතා, යුක්තිය, ක්‍රීඩාව, තාක්ෂණය, ජාතික සමඟිය, නාවික, ගුවන් සහ අභ්‍යන්තර ප්‍රවාහන යටිතල පහසුකම්, ප්‍රවාහනය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ණය කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව "සර්වජන බලය ප්‍රතිපත්තිමය දැක්ම" වෙන් වෙන් වශයෙන් ජනතා සංවාදය පිණිස ඉදිරිපත් කර තිබේ.

ඉරානයේ 09වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන්...

ඉරානයේ 09වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන්...

මෙම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වන ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ අදහස් දැක්වූහ.

එක් කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබයි...

එක් කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබයි...

මෙම සුවිශේෂී අවස්ථාවට ඉහත පක්ෂ, ජාතික සංවිධානවල සෙසු නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ ද ව්‍යවසායකයෝ, විද්වත් වෘත්තිකයෝ ඇතුළු දෑහිතකාමී පිරිසක් ද එක්ව සිටියහ.