එක් කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබයි...

Report

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ ලක්ෂයක් සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

කලා වැව ජාතික උද්‍යානයෙන් අභිරහස් මළ සිරුරක්...

කලා වැව ජාතික උද්‍යානයෙන් අභිරහස් මළ සිරුරක්...

ඒ අනුව, 2024 ඡන්ද හිමි නාමලේඛනය ජනාධිපතිවරණය සඳහා යොදා ගැනෙන බවද ඔහු කීවේය.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ,එම ලේඛනය ජූලි මස පළමුවැනිදා සිට සහතික කර තිබෙන බව ය.

ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිළට ජය...

ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිළට ජය...

ඉකුත් 2019 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාවට වඩා ඡන්දදායකයන් ලක්ෂ 10 ක් පමණ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බවද ඔහු පැවසුවේ ය.