ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අධිකරණයට යයි..

Sarath Fonseka Sri Lanka
By krishani Oct 01, 2022 03:58 AM GMT
krishani

krishani

Report

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කර ජනාධිපතිවරයා නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන ලෙස ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ සුදත් වික්‍රමරත්න යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් වන්නේ  නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන අයයි.

අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බැවින් ඒ මගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත.