සරත් ෆොන්සේකා අද කිව්ව සැර කතාව...

By Sithumi Sep 01, 2022 07:31 PM GMT
Sithumi

Sithumi

Report

අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 

 අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවද ඔහු කීවේය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය. රටේ අරගලය අවසන් නැති බවත් එය අළු යට ගිනි පුගුරු සේ මතුවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය. එම ගිනි පුගුරු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවද සඳහන් කළේය. අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද ඔහු පැවසුවේය.

අරගලය පොහොට්ටුවේ අයගේ ඇඟේ නැති වුණාට බඩේ මෙන්ම ඔවුන්ගේ කුස්සියේ තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා කවදා හෝ ඔවුනටද අරගලයට පැමිණීමට සිදු වන බව ප්‍රකාශ කළේය. මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි තමා නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ෆොන්සේකා මහතා පැවසුවේය