වරෙන්තු නිකුත් වූ සනත් නිශාන්ත දැන් සිදු වූ දේ මෙන්න..(UPDATE)

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Oct 13, 2022 05:10 AM GMT
Aruna

Aruna

Report

Update 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නො සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් වුණා.

එහි දී නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුණසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සෑම දිනක ම පෞද්ගලික ව අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තරයේ අවවාද කිරීමෙන් පසු මුදා හැරීමට නියෝග කළ බව යි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

........................

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි හදිසි නියෝගයක්..පොලිස්පතිටත් දන්වයි..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා බ්‍රහස්පතින්දා (13) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට සහ මහේස්ත්‍රාත්වරුන්ට අපකීර්තියක් ගෙන දෙන ආකාරයේ අදහස් පළ කර ඇති බව පවසමින් අධිකරණ සේවා කොමිෂන් සභාව සහ බහුවිධ නීතීඥවරුන් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්වල සඳහන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි හේතු දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (13) අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍යවරයාට නියෝග කර තිබුණා.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන් හමුවේ මෙම අයදුම්පත කැඳවනු ලැබිණි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයේ පෙනී නොසිටි අතර, එබැවින් රාජ්‍ය අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha