අපේක්ෂා රෝහල ගැන ඇහෙන කණගාටු දායක ආරංචිය - පිළිකා රෝගීන් රැසක් ජීවිතයත් මරණයත් අතර

Report

පිළිකා රෝගීන් සඳහාම වෙන්වුණු මහරගම අපේක්ෂා රෝහල පිළිබඳව ඉතා කනගාටු දායක ආරංචියක් මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහලේ නව විකිරණ ප්‍රතිකාර ඒකකයේ සිසිලන පද්ධතියේ වායු කාන්දුවක් හේතුවෙන් ඉලෙක්ට්‍රා කම්පැක් විකිරණ යන්ත්‍ර තුනෙහි විකිරණ ප්‍රතිකාර පෙරේද (27) සවස සිට නතර කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හේතුවෙන් දිනකට විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් 220ට විකිරණ ප්‍රතිකාර අහිමි වී ඇතැයිද මෙය බරපතල තත්වයක් යැයි එම රෝහල් ආරංචි මාර්ග පවසනවා. මෙම යන්ත්‍ර ත්‍රිත්වයට විදුලි ජනක යන්ත්‍රයක් නොමැති වීම සහ මීයන්, කලවැද්දන් වැනි සතුන් විසින් හානි කිරීම හේතුවෙන් විටින් විට බිඳවැටි රෝගී ප්‍රතිකාරයන් ඇණහිටින බවද වාර්තා වෙනවා.

විටින් විට ප්‍රතිකාරයන් ඇණහිටීම හේතුවෙන් පොරොත්තු ලේඛණයෙන් මාස තුනක්, හයක් අතර කාලයක් දක්වා විහිදි ගොස් ඇති බවද පැවසෙනවා. සාමාන්‍ය ප්‍රතිකාරයක් මෙන් නොව විකිරණ ප්‍රතිකාරයක් ආරම්භ කිරීමෙන් පසුව දෛනිකව අනිවාර්යයෙන්ම නියමිත දින ගණන කළ යුතු ප්‍රතිකාරයක් වන අතර අතරමැදින් ප්‍රතිකාර නොලබා සිටීම පිළිකා රෝගීන්ගේ පිළිකා තත්ත්වය උත්සන්න කිරීමට පවා හේතු විය හැකි බව කියැවෙනවා.

මෙම යන්ත්‍රවල ප්‍රතිකාර ආරම්භ කළ 2020 වසරේ සිටම මේ දක්වා මෙම ගැටලු පවතින අතර මේවා විසඳීමට මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමාණවත් අවධානය යොමුවී නොමැති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

මේ වන විට මහරගම අපේක්‍ෂා රෝහලේ ස්ථාපිත කර ඇති ලීනියර් ඇක්සලරේටර ප්‍රතිකාර යන්ත්‍ර පහෙන් විකිරණ ප්‍රතිකාර සිදු කරන්නේ එක් යන්ත්‍රයක පමණි. මේ අතරින් වේරියන් ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රයේ ප්‍රතිකාර කටයුතු පසුගිය වසරේ බිඳ වැටුණු අතර, ඉහත කී වායු කාන්දුව නිසා ඉලෙක්ටා කම්පැක්ට් යන්ත්‍ර තුනක ප්‍රතිකාර කටයුතු බිඳවැටී ඇතැයි සඳහන් වෙනවා.

බිහිසුණු අනතුරක්, ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් යානයක් බිම වැදී ගිනි ගෙන නියමුවා ජීවිතක්ෂයට

බිහිසුණු අනතුරක්, ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් යානයක් බිම වැදී ගිනි ගෙන නියමුවා ජීවිතක්ෂයට

මෙවැනි විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික අංශයෙන් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට පහළොව දක්වා වියදමක් දැරීමට රෝගීන්ට සිදුවෙනවා.

වෙන ආණ්ඩුනේ සල්ලි නෑ කිව්වේ ඒකට මෙන්න, ඕන තරම් සල්ලි තිබ්බට ඒවා වියදම් කරන විදිහ හිතා ගන්න බැරුව ඉන්න අගමැතිනි

වෙන ආණ්ඩුනේ සල්ලි නෑ කිව්වේ ඒකට මෙන්න, ඕන තරම් සල්ලි තිබ්බට ඒවා වියදම් කරන විදිහ හිතා ගන්න බැරුව ඉන්න අගමැතිනි