අද මැච් එක දිනපු ශ්‍රී ලංකාව ගැන ජයසූරිය කියපු කතාව...
ලංකා කණ්ඩාම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටයට මේ වන විට ක්‍රිඩා කරමින් සිටින අතර ඔවුන් සහභාගී වූ පළමු තරගය නැමීබියාව හමුවේ පරාජය වී දෙවන තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79 කින් ජය ගනු ලැබුවා
. මේ අතර Chilling with Russel වැඩසටහනට එක් වූ සනත් ජයසූරිය මහතා ශ්‍රි ලංකා කණ්ඩාම ගැන පැවසුවේ මෙවැන්නක් “මට ඒ අත්දැකීම හොදට තියෙනවා. මොකද නායකයෙක් විදිහට මම ඔය තැන ඉදලා තියෙනවා. අපි කෙන්යා වලට ගිහිල්ලා.. කෙන්යා වල ඔය මැච් එක ගැහුවේ 2003 දකුණු අප්‍රිකාවේ තිබුන ලෝක කුසලානයේදී . ඊට පස්සේ කෙන්යා බැට් කරලා 220ක්ද 230ක්ද ගැහුවා.
අපිට චේස් කරන්න බැරි වුනා. ඉතිං අපි ඊට අඩු ගානකට අවුට් වුනා. මට ඒකේ ඒ වේදනාව දුක මම දන්න කැප්ටන් කෙනෙක්. හැබැයි ඉතිං අපි අවසන් පූර්ව තරග වටයට ගියා. අනිත් තරග ඔක්කොම ජයග්‍රහණය කරලා අනිත් ටීම්ස් වලට ගහලා අපි හොද මොරාල් එකකින් ගියා. ඒ එක්ස්පීරියන්ස් එක මට තියෙනවා.
ඉතිං මං හිතනවා දසුන් ශානකටත් මේක ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් කියලා. එයාට වගේම කන්ඩායමේ අනිත් අයටත්. මට මේක වුනේ මගේ කන්ඩායමේ එතකොට අරවින්ද අයියත් සෙල්ලම් කරන වෙලාවක. ඒ කියන්නේ මටත් හොදම ටීම් එකක් හිටියා. ඒත් ඒ වෙලාවේ අපේ ටීම් එක කැලැප්ස් වුනා. ඉතිං ඒ වගේ මේකත් හොද අත්දැකීමක් වෙයි දසුන් ශානකට සහ එයාගේ කන්ඩායමට නැගිටින්න.” සම්පුර්ණ වැඩසටහන පහතින්