ගොඩක් අය ඉරිසියා කරන, නිතරම විවේචනයට ලක්වන ලංකාවෙ ආදරණීයම කපල් දෙක..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sithumi Jun 21, 2022 12:57 PM GMT
Sithumi

Sithumi

Report

අද අපි කියන්නේ යන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රිය ජෝඩු දෙකක් ගැන. බොහෝ දෙනා මේ ජෝඩු දෙකට ගොඩාක් ඉරිසියා කරනවා. මොකද එතරම්ම හරි ආදරෙන් මේ යුවලවල් ඉන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම කතා කරන්නේ අපේ රටේ ගොඩාක් ජනප්‍රිය ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන ගැනයි. යුරු හඬකට උරුමකම් කියන ඇගේ හඬට ආදරේ කරන අයගේද අඩුවක් නෑ. සමිතා මුදුන්කොටුව විවාහ වුනේ අතුල අධිකාරී සමගයි. ඔහුත් අපේ සංගීත ක්ශේත්‍රයේ ගොඩක් දක්ශ ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා.සමිතා ඉන්පසුව චිරන්ත ගුණවර්ධන සමග විවාහ වනවා.

සමිතාට මේ වෙනකොට දියණියක් සහ පුතෙකු සිටිනවා. සමිතාගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියල කියන්නේ. කාවින්ද්‍යා අධිකාරී අපේ කලා ක්ශේත්‍රයේ දක්ශ නිවේදිකාවක් වශයෙන් සහ දක්ශ ගායිකාවක් වශයෙන් කටයුතු කරනවා. සමිතා කියල තිබුනෙ, සමිතා සහ චිරන්ත මේ වෙනකොට ගොඩක් සතුටින් ඉන්නව කියලයි.ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ විදිහටයි. මම වැඩක් නැති දේවල් වලට නම් දුක්වෙන කෙනෙක් නෙවෙයි. ජිවත් වෙන්න ඕන ජිවිතේ විදින්න.ඉතින් මම හැමදාම කියනවා වගේ සතුටින් ඉන්න ජිවිතේ විදවන්න එපා.ගොඩක් අය කැමතියි වැඩක් නැති දේවල් තමන්ගේ කරගෙන ජීවිතේ විදවන්න.

අනුන්ගේ දේවල් ගැන හිතන් නැතුව තමන්ගේ දේ හරියට කරන්න.කොච්චර දේවල් තිබුනත් අනේ මට එයාට වඩා නෑනේ කියලා ජිවිතේ දුකක් කරගන්න එපා.ආදරේ ගැන කිවුවොත් මම නම් සාමාන්‍යයෙන් කැමතියි ආදරයත් ලස්සනට කරගෙන යනවා දකින්න.ඉතින් එහෙම නැතුව ඒ දේවල් වලට දුක් වේවි ගෙවල්වල ඒවා කතාකර කර තමන්ගේ දේවල් අතපහු කරගෙන ජිවත් වෙනකොට තමන්ගේ කාලයත් නිරපරාදේ අපතේ යනවා .අපිට තියෙන දේ අපි රැකගෙන අපි ලස්සනට ජිවත් වෙමු.එහෙම ජිවිතයක් තමයි මම නම් ගෙවන්නේ .මම කැමතියි හැමෝම ජිවිතේ විදිනවා බලන්න.අපේ පවුලට ඉරිසියා කරන මිනිස්සුන්ට කවදාවත්ම සැනසීමක් ලැබෙන්න එපා.

අපිට හදවතින්ම ආදරේ කරන සුභපතන හැම කෙනෙක්ටම හැමදාමත් සැනසීම සතුට ලැබෙන්න ඕන. දැන් අපි කියන්නේ යන්නේ ඔයාල තවත් ආදරය කරන යුවලක් වන ප්‍රවීන ගායක වික්ටර් රත්නායක සහ හසිනි ගැන. ඉතින් පසු ගිය දිනවල අසනීප වෙලා සිටිය ඔහු දැන් නැවතත් සුව වෙලා. ඉතින් ඔහු තම බිරිඳ ගැන මේ විදිහය පැවසුවා මගේ දුකට සැපට ළඟින්ම සිටින ආදරණිය බිරිඳ තමයි හැමදේකටම උදව් වෙන්නේ. මම අසනීප තත්වයෙන් හිටිය දිනවල බොහෝ දෙනෙකු සුවදුක් විමසලා තිබුනා. මුහුණු පොත ඔස්සෙ ලැබී තිබුණු ආශීර්වාද හැම දෙයක්ම මගේ බිරිඳ මට ඇහෙන්න කියෙව්වා.

වික්ටර් රත්නායකත් තමන්ගේ බිරිඳ කරගත්තේ වයසින් ගොඩක් බාල කෙනෙක්. මේ නිසා බොහෝ දෙනෙකුට ඔවුන් සතුටින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි කමට කතාවල් හදනවා කියලයි කියන්නේ. තමන් දැන් ගෙවන ජිවිතේ ගැන වික්ටර් මහතා කියල තිබුනේ මෙහෙම කතාවක්. ඕනම කෙනෙක්ගේ ජීවිතේට ආදරය අවශ්ෂ්‍ය වෙනවා මම හිතන්නේ ඒකට වයස් පරතරයක් බලපාන්නේ නැහැ. කවුරුහරි කෙනෙක් වයසට ගිහිල්ලා නැවතත් ආදරයක් සොයනවානම් එතන තියන සැබෑ අර්ථාන සොයලා බලන්නේ නැතුව මිනිස්සුන්ට කතා හදන එක වැරදියි කියලයි මම හිතන්නේ.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery