මැතිවරණ කොමසාරිස් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරේ.

Covid Sri Lanka Election commission Saman Sri rathnayake
By Aruna Aug 24, 2021 01:23 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදනය වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය කොවිඩ් ආසාදනය වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා කොවිඩ් ආසාදනයවීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිව තිබේ.

එම අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් ඒ මහතාව තෙල්දෙණිය රෝහල් ඇතුළත් කරනු ලැබීය.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තෙල්දෙණිය රෝහලේ සිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට මාරු කර යවා තිබේ.

එම රෝහලේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ඔක්සිජන් පහසුකම් ලබාදී ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ මේ වන විට සමන් ශ්‍රී රත්නායක මහතාගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවයි.

සමන් ශ්‍රී රත්නායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ හඳුනා ගැනුණේ ඉකුත් සතියේදීය.

මේ අතර ඊයේ දිනයේ හදුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 4353 ක් වනවා.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 394,353 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම,නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, වෛද්‍යවරුන් 3 දෙනෙකු, හෙදියන් 13 දෙනෙකු, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුකට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි හඳුනා ගත් බවය.

ඒ අනුව අසාදිත වෛද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු රෝහලේ කොවිඩ් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සෙසු අසාදිතයන් ඔහුන් පදිංචි නිවෙස්වල ම නිරෝධායනය වී ඇති බවත් අධ්‍යක්ෂකවරයා පැවසීය.

අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, මේ වන විටත් නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සේවකයන්ගේ අඩුවක් පවතින බවත් කොරෝනාවෛරසය අසාදනය වූ කාර්යමණ්ඩලය නොමැතිව දැනට සේවයේ යෙදී සිටින කාර්යමණ්ඩලයෙන් රෝහලේ කටයුතු සිදු කරගෙන යන බවත් ය.

එමෙන් ම, රෝහලේ සියලු ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී ඇති බව ද අධ්‍යක්ෂකවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha