රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉවතට.. කණ්ඩායමට අලුත් නායකයක්

Report

රෂීඩ් ඛාන්ගේ නායකත්වය යටතේ තරග කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානයේ ලීග් වටයෙන් ඉවත් විය.

මෙහිදී දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි කණ්ඩායම්වලට පරාජයට පත්වූ අතර, විශේෂයෙන් දකුණු අප්‍රිකාවට එරෙහි තරගය සුපිරි ඕවරයකට ගොස් දෙවරක් පරාජය වූ කැපී පෙනෙන තරගයක් විය.

මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය ඊයේ (05) හදිසියේ රෂීඩ් ඛාන්ව T20 නායකත්වයෙන් ඉවත් කළේය.

අවසන් මොහොතේ නූලෙන් බේරුණ ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

අවසන් මොහොතේ නූලෙන් බේරුණ ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

ඔහු වෙනුවට ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් නව T20 නායකයා ලෙස පත් කර ඇත. රෂීඩ් ඛාන් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටින අතර, හෂ්මතුල්ලා ෂාහිඩි ද ක්‍රීඩකයෙකු ලෙසම කණ්ඩායමේ ඉන්නේය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ විස්සයි20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය. පළමු විස්සයි20 තරගය ලබන මාර්තු 13 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්වේ. ඊළඟ තරග දෙක මාර්තු 15 සහ 17 වැනිදා සාජාහිදීමය. එක්දින තරග තුන දුබායිහි මාර්තු 20, 22 සහ 25 වැනිදා පැවැත්වේ.

කෙසේ වෙතත්, ගල්ෆ් කලාපයේ පවතින යුද ආතතිය හේතුවෙන් මෙම තරගාවලිය කල් දැමීමේ හැකියාවක් තිබේ.

මහනුවර හෝටලයක සේවිකාවක් සමග අශෝභන ලෙස හැසිරුන පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකුට දඩ

මහනුවර හෝටලයක සේවිකාවක් සමග අශෝභන ලෙස හැසිරුන පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකුට දඩ