21 ආවේ නැත්නම් පඩි නෑ - ගුරුවරුන්ට රතු එළියක්

srilanka Education
By Sithumi Oct 19, 2021 03:32 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන 21 වනදා පාසල් ආරම්භ වූ පසුව වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. 

 "ආණ්ඩුකාරවරයා වශයෙන් අධ්‍යාපන ඇමතිගේ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන පුද්ගලයා හැටියට මම මේ නොපැමිණෙන අයට නොවැම්බර් මාසයේ වැටුප් ලබාදීම අත්හිටුවන්නට 25 වනදාට කවුරුත් ආවොත් විනය විරෝධි ක්‍රියාකරලා. ඔවුන්ට පාසලට ඇතුළු වෙන්න ඉඩදෙන්නේ නැහැ."

වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 100කි. මෙවන් පසුබිමක ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුවී ඊයේ (18) ලිපියක් භාර දුනි.

ඒ වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙන තුරු තම සංගමයේ ගුරු විදුහල්පතිවරු පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා එක්නොවන බව පවසමිනි. කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ තීරණය කළේ එළැඹෙන 25 වනදා සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha