රාජ්‍ය සේවකයින්ට රු.20,000ක වැටුප් වැඩි වීමට මොකද වුණේ?. ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

Report

අද (12) දින රාජ්‍ය සහ පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව විසින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

රාජ්‍ය සේවකයින්ට රු.20,000ක වැටුප් වැඩි වීමට මොකද වුණේ?. ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. | Salaries Of Government Servants

එසේ වුව ද බොහෝ කාර්යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු වු බවට තොරතුරු වාර්තා විය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ද බොහෝ කාර්යාලවල වැඩකටයුතු සාමාන්‍ය අයුරින් සිදු විය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත් වූයේ රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

රාජ්‍ය සේවකයින්ට රු.20,000ක වැටුප් වැඩි වීමට මොකද වුණේ?. ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. | Salaries Of Government Servants

එහිදී අයවැය තුළින් යෝජනා කළ රුපියල් 10,000 දීමනාව ජනවාරි මාසයේ සිට ලබාදෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේ ය.

ප්‍රදේශ රැසකින් වාර්තා වූයේ බොහෝ රාජ්‍ය සේවකයින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදී සේවයට වාර්තා කළ බවත් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, සහ මොණරාගල ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූ බවත් ය.

අලුතින්ම ජාතික හැඳුනුම්පතට වෙන්න යන දෙය?

අලුතින්ම ජාතික හැඳුනුම්පතට වෙන්න යන දෙය?


කෙසේ වෙතත්, පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩල, සෞඛ්‍ය හා ප්‍රවාහන ක්ෂේත්‍රවල නිලධාරින් සහ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවූ බවට වාර්තා විය.