සජිත්ගේ ජන්ම දිනයට ගංගාරාමයේ පින්කමක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වන ජන්ම දිනය නිමිති කරගනිමින්, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (12) මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.

මෙම දානමය පුන්‍යකර්මය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්, ස්වාමීන් 17 නමක් සඳහා පැවැත්වුණි.

අවස්ථාව සඳහා විපක්ෂ නායකවරයාගේ පවුලේ සමීපතමයින්, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ පිරිසක් එක්ව සිටියහ.

දිට්වා සුළි කුණාටුව ගැන ඇග හිරිවැටෙන ඇත්තක් එළියට

දිට්වා සුළි කුණාටුව ගැන ඇග හිරිවැටෙන ඇත්තක් එළියට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ආගමික වතාවත්වල නියැලී ආශිර්වාද ලබා ගැනීමද සිදුකරනු ලැබීය.

මේ අවස්ථාවට එක්ව සිටි මහත්වරුන් අතර ජලනි ප්‍රේමදාස, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිටි බවද වාර්තා වේ.

සියලුම පාසල් දරුවන්ට සුබ ආරංචියක් - හෙට නිල වශයෙන් භාර ගනී

සියලුම පාසල් දරුවන්ට සුබ ආරංචියක් - හෙට නිල වශයෙන් භාර ගනී