වැලිගම ප්‍රාදේශීය සභාපතිට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක එක්වේ [PHOTOS]
පසුගියදා සිය නිල කාමරය තුළදීම ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහයට අද දින (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් ගෞරව දක්වා තිබේ.
මෙහිදී අවසන් ගෞරව දැක්වීමට පැමිණි එතුමා පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට සිය ශෝකය පලකර සිටි අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා ඔහුට සහ පවුලේ අයට නිසි යුක්තිය ඉටු කළ යුතු බවට ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මේ වන විට මෙම ඝාතනයට සෘජුව මැදිහත් වූවා යැයි සැක කරන ප්‍රධාන සැකකරු පොලිස් මෙහෙයුමක් යටතේ මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද දින පවුලේ පොදු සුසාන භූමියේදී ලසන්ත වික්‍රමසේකර මහතා අවසන් ගමන් ගියේය.

