ජනපති ගෝඨාභය සජිත්ට දුරකතන ඇමතුමක් ගනී..සිදුවූ දේ මෙන්න..

Report

රාජ්‍ය පාලනය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා දුරකතන ඇමැතුමක් මගින් පෙරේදා (මැයි 7) පෙරවරුවේ විපක්ෂ නායකවරයා අමතමින් මෙම ආරාධනාව කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් මෙසේ ආණ්ඩුව භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දුරකතන ඇමැතුම කෙටි අදහස් හුවමාරුවකට සීමා වී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ද සාකච්ඡා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now