"..ලඟදි පිය පදවිය ලැබුවා, දැන් ජීවිතය හරි වෙනස්.." – සජිත ඇන්තනීත් දැන් තාත්ත කෙනෙක්..(PHOTOS)

Gossip Today Actors
By Sewvandhi Jun 15, 2022 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නාඩගම්කාරයෝ කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන කැමැත්තෙන් නරඹන ටෙලි නාට්‍යයක්. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සරා කියන්නේ. මේ සරාට ගොඩ දෙනෙක් ආදරේ කරනවා. ඉතින් මේ සරා විදියට අපි අතරට එන්නේ අපි කවුරුත් දන්න ඇන්තනී පවුලේ චූටි පුතයි. සජිත අනුත්තර කියන්නේ කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලබපු දක්ෂ රංගන ශිල්පියෙක්. සැබෑ ජීවිතයේ සජිත වුණත් ගොඩක් දෙනෙක් ඔහුට කතා බහ කරන්නෙත් සරා කියලයි.

සූරිය අරණ සිනමා නිර්මාණයෙන් කලාවට අත්පොත් තබපු සජිත සිනමා නිර්මාණ කිහිපයකම අපිට දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේම ගීත නිර්මාණත් දකින්න ලැබෙන්නේ රංගන කුසලතාවය වගේම ගායන හැකියාවත් මොහුට උපතින්ම පිහිටලා තියෙන නිසයි. ජැක්සන් ඇන්තනී කියන මේ මහා ජේෂ්ඨ කළාකරුවාගේ පවුල් පසුබිමත් එක්ක මේ පවුලේ සියලු දෙනාම කලාවට සම්බන්ධයි.

ඉතින් හැමෝගෙම කතාබහට ලක්වුණු ආකාරයේ විවාහ මංගල්‍යයක් ඇන්තනි පවුල විසින් සිදු කරන ආකාරය අපට දැකගන්න ලැබුණා. ඒ ඒ අකිල ධනුද්දර, මාධවී වත්සලා සහ සචිත් අනුත්තර කියන මේ ඇන්තනී පවුලේ දරුවන් තිදෙනාගේ ම විවාහ මංගල්‍යය එකට එක දිනයේ සිදු කළ නිසයි. මේ ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරන්නට පටන් ගත්තා වගේම හැමෝගෙම ආකර්ෂණයට ද යොමු වුණා.

ඉතින් ඒ විදිහට විවාහ වුනු සජිතගෙ ආදරනීය බිරිඳ තමයි බුවිනිකා හල්විටගේ. නමුත් ගොඩක් දෙනෙක් ඇයට කතා කරන්නේ බුවී කියලයි. ඉතින් සජිත සහ බූවි ආදරෙන් කාලේ ගත කරනවා කියලා අපිට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුලින් දැක ගන්න පුළුවන්. ඒ ඔවුන් නිතරම විවිධ ඡායාරූපයන් සමාජ මාධ්‍යට මුදා හරින නිසා. ඉතින් මේ විදියට ආදරෙන් කාලය ගත කරපු සජිත සහ බුවී ගැන උණුසුම් පුවතක් පසුගිය දිනක අහන්න ලැබුණා. ඒ ඔවුන් දෙදෙනා උතුම් මව්පිය පදවිය ලැබූ බවයි. ඉතින් ඒ සමගම කලා ක්ශේෂ්ත්‍රයේ වගේම ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ සුබපැතුම් මේ දෙදෙනාට ලැබුණා. ඉතින් සජිත ඔහු ලබපු මේ උතුම් පදවිය ගැන මාධ්‍ය සාකච්චාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මේ දවස් වල ඇත්තටම අලුත්ම පියවරකට අඩිය තියලා තියෙන්නෙ මගේ ජීවිතේ. පිය පදවිය ලැබුව ළගදී. ඒක හරි වෙනස් අත්දැකීමක්. ඉතින් ඒ වෙනසත් එක්ක තමයි දැන් කාලේ ගත වෙන්නේ’’

ඉතින් පිය පදවිය ලබපු සජිත සිනාමුසු මුහුණින් මේ විදියටයි ඒ ගැන කියලා තිබුණේ. එය ඔහුට වෙන්ස්ම අත්දැකීමක්. ඒ මොකද මෙය ඔහුගේ ප්‍රථම අත්දැකීම නිසයි. ඉතින් උතුම් මව්පිය පදවිය ලබපු සජිතටත් බුවීටත් සුභාශිංසනය අපිත් ගෙන එමු. ඒ වගේම මෙතැනින් පටන්ගත් අලුත් ජීවිතය සාර්ථකම වෙන්න කියාත් අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු. (උපුටා ගැනීමක්)


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha