සියළුම නාලිකාවන් වල සජීවී විකාශනය මැද සජිත් පිල විවාදයට එන්න තීරණයක්.. දින තැන් ගැනත් කියයි..

Report

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ආර්ථික කමිටු විවාදය සඳහා ඒක පාර්ශවිකව දිනයක් සහ ස්ථානයක් නම් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වන බව වාර්තා වනවා.

ඉතා ඉක්මනින්ම මෙම විවාදය සදහා දිනයක් සහ ස්ථානයක් නම් කරන බවයි, එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

සජිත් සමඟ විවාදයට අනුර තනියම ITN එකට එයි..ස්වාධීන රූපවාහිනියට සජිත් එවපු දේ මෙන්න..(VIDEO/PHOTOS)

සජිත් සමඟ විවාදයට අනුර තනියම ITN එකට එයි..ස්වාධීන රූපවාහිනියට සජිත් එවපු දේ මෙන්න..(VIDEO/PHOTOS)


ජාතික ජන බලවේගයට ඊට නිල වශයෙන් ආරාධනා කරන බවත්, ඔවුන් පැමිණියද නැතද යොදා ගන්නා දිනයට විවාදය පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මෙය සජීව විකාශය සදහා සියළු මාධ්‍ය නාලිකාවන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවත්, සමාජ මාධ්‍ය වලටද ඊට අවස්ථාව දීමට ද කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔහු පවසන්නේ, ජාතික ජන බලවේගය හා ස්වාධීන රූපවාහිනිය විසින් ඒක පාර්ශිකව නායකත්වය විවාදය සඳහා දිනයක් යොදාගෙන තිබූ ආකාරයෙන්ම මෙම විවාදය ද සංවිධානය කරන බවයි.

එම විවාදයෙන් අනතුරුව නායකයන් අතර විවාදය සඳහා ද දිනයක් නම් කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ආර්ථික කමිටු විවාදය මගහරිමින් සිටින බවත් ඊට හේතුව වී ඇත්තේ, ඔවුන්ට කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම බවත් පැවසූ ඔහු තම පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙල වැඩපිළිබඳ බ්ලූ ප‍්‍රින්ට් ලෙස ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාද විවාද ඕනෑ තරම් සමාජයේ ඇති වන බවත් කියා සිටියේ ය.

වාහන ආනයනයේදී පළමුව ගෙන්වන වාහන ගැන දැනුම්දීමක්..

වාහන ආනයනයේදී පළමුව ගෙන්වන වාහන ගැන දැනුම්දීමක්..


නමුත් හෙතෙම වැඩි දුරටත් සදහන් කළේ, ජාතික ජන බලවේගය කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් මේ වන තෙක් ඉදිරිපත් කර නැති බවද විවිධ පුද්ගලයන් කටින් කියන දේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සලකන ලෙස අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට කිසිදු වැඩපිළිවෙලක් නැති බව පැහැදිලි වන බවයි.