පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ගැන අධිකරණය දුන් නියෝගය..!

Sri Lanka Easter Attack Sri Lanka
By Sewvandhi Mar 15, 2023 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කල්මුණේ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය.

එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha