රුසියානු එන්නතේ දෙවන මාත්‍රාව ලබන සතියේ මෙරටට

sri lanka Covid vaccsine rassian
By Sithumi Jun 04, 2021 06:11 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටට ලැබුණු පළමු ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ට අදාළ එහි දෙවන මාත්‍රාව ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එහිදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවේ, "රුසියාව නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවට අදාළ දෙවන එන්නත් මාත්‍රාව ලබන සිකුරාදා මෙරටට ලැබෙනවා.

ඊට අමතරව ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රා තවත් 50,000ක තොගයක් ලබන සිකුරාදා දිනයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි." යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now