රුසියාව තව පැය කිහිපයක් තුල කරන්න යන දේ මෙන්න..හදිසි දැනුම් දීමක්..

World news Russian war Ukraine war Russian Ukraine war
By Aruna Apr 17, 2022 07:24 AM GMT
Aruna

Aruna

Report

මරිපෝල් නගරයේ සිර වී සිටින යුක්රේන සටන්කරුවන්ට අවි බිම තබා යටත් වීමට පැය කිහිපයක් ලබා දෙන බව රුසියානු හමුදා ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස අවි බිම තබන යුක්රේන සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා කරන බවට රුසියාව පොරොන්දුවක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මරිපෝල් නගරයේ පිහිටි වානේ කම්හලක් ආශ්‍රිත ප්‍රදේශයක යුක්රේන හමුදා සෙබලුන් 2,500ක් පමණ සිර වී සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන්ට එම ස්ථානයෙන් පිටවීමට නොහැකි ආකාරයෙන් රුසියානු හමුදා අදාළ ස්ථානය වටලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now