රුසියාව හදිසියේ තීරණයක් ගනී..කරන්න යන දේ මෙන්න.(PHOTOS)
රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.
යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ,
”දකුණු සහ බටහිර හමුදා දිස්ත‍්‍රික්කවල සිටින හමුදා භටයන් ඒ ගොල්ලන්ගේ රාජකාරි අවසන් වී ඇති නිසා දුම්රිය සහ වාහන මගින් අද දින තමන් අයිති හමුදා කඳවුර වෙත පිටත් වීම ආරම්භ කරනවා,
දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස ඒ විදිහට ම පවත්වා ගෙන යනවා යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති සේනාංකය වෙත පිටත් වේවි”
මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික විසදුමකින් අවසන් වේ යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





