ඩොලරයේ අගයේ ක්ෂණික වෙනසක් - ශ්‍රී ලංකා රුපියල නැවතත් ශක්තිමත් වෙයි
බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 335.44ක් ලෙස සටහන් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය බ්‍රහස්පතින්දා පැවති රුපියල් 326.51 සිට අද රුපියල් 326.43 දක්වා පහත වැටී තිබේ.
එමෙන්ම, ඩොලරයක විකුණුම් අනුපාතිකය ද රුපියල් 335.51 සිට රුපියල් 335.44 දක්වා සුළු වශයෙන් අඩු වී ඇත. මේ අතර,
ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු විදේශීය මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි සුළු වෙනස්කම් වාර්තා වී තිබේ.