පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු පුද්ගලික ලේකම්ගේ නඩුව තවත් උණුසුම් වෙයි - යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Report

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි සිද්ධියට අඳාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු පුද්ගලික ලේකම් එළඹෙන 23 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(9) දින නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරුයි.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවටයි.

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

එමෙන්ම විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් තොරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී එම සමාගම් වෙත පොස්පේට් ආනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම, ආධාර අනුබල ලබා දී ලක්ෂ 81 මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර තිබෙන බවයි.

එමෙන්ම බලපත්‍ර ලබා දුන් අය වන භු විද්‍යා හා පතල් කාර්යාංශයේ පුද්ගලයන්ට ද අල්ලස් ලබා දී ඇති බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරන බවට ඔවුන් අධිකරණයට දන්වා ඇත.

මේ අතර අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ එම සිද්ධියට අඳාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්

ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්