විදේශ අධ්‍යාපන අවස්ථා සොයන අයට රතු එළියක් - ඊමේල් එකට හරි වට්ස් ඇප් එකට හරි මෙහෙම ආවොත් ප්‍රවේශම්වන්න

Report

ශ්‍රී ලංකා සර්ට් ආයතනය විදේශීය විශ්ව විද්‍යාලවලට ප්‍රවේශය ලබා දෙන බවට ඉදිරිපත් කරන වංචනික සමාජ මාධ්‍ය දැන්වීම් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඒ පිළිබඳව දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව වාර්තා වන්නේ වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ විදේශීය විශ්ව විද්‍යාලවල නියෝජිතයන් වශයෙන් පෙනී සිටිමින්, ලියාපදිංචි ගාස්තු සහ මූලික උපකාරක පන්ති ගෙවීම් සඳහා ප්‍රවේශය, ශිෂ්‍ය වීසා, වැඩ බලපත්‍ර සහ අවසානයේ පුරවැසිභාවය පවා පොරොන්දු වී ඇති බව‍යි.

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

එමෙන්ම සර්ට් ආයතනය සඳහන් කරන්නේ විදේශීය බැංකු ගිණුම් වෙත මුදල් මාරු කරන ලෙස ඉල්ලා සිටීමට පෙර, විද්‍යුත් තැපෑල සහ WhatsApp හරහා හුවමාරු කෙරෙන ඒත්තු ගැන්විය හැකි වීඩියෝ, ඡායාරූප සහ ලේඛන මඟින් බොහෝ විට වින්දිතයන්ව පොළඹවා ගනු ලබන බවයි.

අනතුරුව එම මුදල් ලබා ගැනීමෙන් පසු වංචාකරුවන් අතුරුදහන් වන බව එම ආයතනය පෙන්වා දෙයි.

එබැවින් ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගෙවීම් කිරීමට පෙර විශ්වවිද්‍යාල නියෝජිතයින්ගේ, ලේඛනවල සහ බැංකු ගිණුම් විස්තරවල සත්‍යතාව සත්‍යාපනය කරන ලෙසත්, විදේශ අධ්‍යාපන අවස්ථා සොයන විට නීත්‍යානුකූල සහ පිළිගත් මාර්ග පමණක් භාවිතා කරන ලෙසත්ය. 

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ